Android මෙහෙයුම් පද්ධතිය හදල තියෙන්නේ Linux 2.6 Kernel එක උඩ. ඉස්සෙල්ලාම Android Inc කියන company එක තමයි Android develop කරල තියෙන්නෙ.පස්සෙ Google එකෙන් ඒක සල්ලි වලට අර ගත්ත 2005 දී. සෙල්ලම් නෑ Google කෙලින්ම Android වල නිර්මාතෘවරුන් විදිහට සලකන
- Andy Rubin
- Rich Minor
- Nick Sears
- Chris White
set එකත් එක්කම තමයි අරන් තියෙන්නෙ. ඊට පස්සෙ Google, Open Handset Alliance එක්ක එකතු වෙලා වැඩේ දිගටම කරගෙන ගියා. මේ පහුවුනු ඔක්තෝබර් 19 තමයි Android 4.0 කියන අලුත්ම version එක release කලේ.මේ version එකේ code name එක තමයි Ice Cream Sandwich . Samsung Galaxy Nexus කියන phone එකත් එක්ක තමයි Android 4.0 market එකට release කරල තියෙන්නෙ. මේ වෙනකං release වුණ Android Version පහත table එකෙන් බලා ගන්ටකෝ...
Android Version | Code Name | Date of Release |
Android 1.0 | - | September 23, 2008. |
Android 1.5 | Cupcake | April 30, 2009. |
Android 1.6 | Donut | September 15, 2009 |
Android 2.0 | Eclair | October 26, 2009. |
Android 2.2 | Froyo | 20 May 2010 |
Android 2.3 | gingerbread | December 6, 2010 |
Android 3.0 | HoneyComb | January 26, 2011 |
Android 4.0 | Ice Cream Sandwich | 19 October 2011 |
Table 1: Android Evolution
තවත් Android ගැන දේවල් ඉදිරි post බලාපොරොත්තු වෙන්න.......
boma sthuthi...
ReplyDelete