Cyber Talks


අද Android කියන වචනෙ අහල නැති කෙනෙක් ඇමේසන් වනාන්තරෙන් වත් හොයා ගන්න බැරි වෙයි මම හිතන්නේ.... ඒ තරමටම Android ජනප්‍රිය වෙලා තියෙන්නේ. මෙහෙම ගියොත් Symbian වගේ අනිත් OS විතරක් පාවිච්චි කරන mobile companies වල අයිතිකාරයොන්ට හේන් කොටන්න තමයි වෙන්නේ..
Android මෙහෙයුම් පද්ධතිය හදල තියෙන්නේ Linux 2.6 Kernel එක උඩ. ඉස්සෙල්ලාම Android Inc කියන company එක තමයි Android develop කරල තියෙන්නෙ.පස්සෙ Google එකෙන් ඒක සල්ලි වලට අර ගත්ත 2005 දී. සෙල්ලම් නෑ Google කෙලින්ම Android වල නිර්මාතෘවරුන් විදිහට සලකන
  • Andy Rubin 
  • Rich Minor
  • Nick Sears
  • Chris White
set එකත් එක්කම තමයි අරන් තියෙන්නෙ. ඊට පස්සෙ Google, Open Handset Alliance එක්ක එකතු වෙලා වැඩේ දිගටම කරගෙන ගියා. මේ පහුවුනු ඔක්තෝබර් 19 තමයි  Android 4.0 කියන අලුත්ම version එක release කලේ.මේ  version එකේ code name එක තමයි Ice Cream Sandwich . Samsung Galaxy Nexus කියන phone එකත් එක්ක තමයි  Android 4.0  market එකට release කරල තියෙන්නෙ.  මේ වෙනකං release වුණ Android Version පහත table එකෙන් බලා ගන්ටකෝ...



Android Version
Code Name
Date of Release
Android 1.0
-           
September 23, 2008. 
Android 1.5
Cupcake
April 30, 2009. 
Android 1.6
Donut
September 15, 2009
Android 2.0
Eclair
October 26, 2009. 
Android 2.2
Froyo
20 May 2010
Android 2.3
gingerbread
December 6, 2010
Android 3.0
HoneyComb
January 26, 2011
Android 4.0
Ice Cream Sandwich
19 October 2011
Table 1: Android Evolution

තවත් Android ගැන දේවල් ඉදිරි post බලාපොරොත්තු වෙන්න.......